තරඟ 05 ක සංචාරයක් වෙනුවෙන් නවසීලන්තය ලබන මාසයේ ශ්‍රී ලංකාවට.. -
News

තරඟ 05 ක සංචාරයක් වෙනුවෙන් නවසීලන්තය ලබන මාසයේ ශ්‍රී ලංකාවට..

එළඹෙන නොවැම්බර් මාසයේදී තරඟ 05 ක සංචාරයක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලිය, විස්සයි විස්ස තරඟ දෙකකින් සහ එක්දින තරඟ 03 කින් සමන්විත අතර තරඟාවලිය නොවැම්බර් 09 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරඟ ද්විත්වය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ එක්දින තරඟ ත්‍රිත්වයෙන් පළමු තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් ඉතිරි තරඟ දෙක මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟාවලියේ කාලසටහන

T20I SERIES

  • 1st T20I | 9th November , at Dambulla
  • 2nd T20I | 10th November , at Dambulla

ODI SERIES

  • 1st ODI | 13th November , at Dambulla
  • 2nd ODI | 17th November , at Pallekele
  • 3rd ODI | 19th November , at Pallekele

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button