දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. -
Match Results

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඊයේ ( 15 ) පැවැත්වුණු අතර ලකුණු 73 ක විශිෂ්ට ජයක් වාර්තාකරමින් තරඟාවලිය 1-1 ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 162 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභීයා බවට පත්වෙමින් පැතුම් නිශ්ශංක ලකුණු 54 ක් රැස්කළා.

පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 77 ක සබඳතාවයක් ගොඩනැඟූ අතර මෙම සබඳතාවයත් සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 1000 ස ක සබඳතාවයක් ගොඩනැඟූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනා බවට පත්වීමට පැතුම් සහ මෙන්ඩිස් සමත්වුණා.

එලෙසම එක් වසරක් තුළදී විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 50+ සබඳතාවයන් වැඩිම ගණනක් ගොඩනැඟූ ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙපළ බවට පත්වීමටද පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් සමත්වුණා. ඔවුන් දෙදෙනා 2024 වසර තුළ 50+ සබඳතාවයන් 05 ක් ගොඩනඟා තිබෙන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2009 වසරේදී 50+ සබඳතා 04 ක් පිහිටුවා තිබූ සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ශානුයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 89 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වූ අතර ඒ අනුව ලකුණු 73 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා. අනර්ඝ පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 09 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර චරිත් අසලංක, මහීශ් තීක්ශණ සහ වනිඳු හසරංග කඩුලු 02 ක බැඟින් බිඳහෙලුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button