News
කොදෙව්වන්ට එරෙහිව ශ්රී ලංකා එක්දින සංචිතය නම් කරයි..
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සග ශ්රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
සුපුරුදු පරිදි ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරන අතර යොවුන් තුන්ඉරියව් ක්රීඩක චමිඳු වික්රමසිංහව කණ්ඩායමට නම්කර තිබෙනවා. ඒ පසුගිය තරඟාවලියේ කණ්ඩායමේ ස්තානය හිමිවූ චාමික කරුණාරත්න වෙනුවටයි. අබාධයක් හෙතුවෙන් ඉන්දීය එක්දින තරඟාවලිය අහිමි වූ දිල්ශාන් මදුශංක නැවතත් මෙම සංචිතයට කැඳවා තිබෙන අතර පසුගිය ඉන්දීය තරඟාවලියේදී ශ්රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළ මතීශ පතිරණ, අකිල දනංජය, එශාන් මාලිංග, කුසල් පෙරේරා සහ ප්රමෝද මදුශාන්ට කණ්ඩායමේ ස්තානය අහිමිවී තිබෙනවා.
කොදෙව්වන්ට එරෙහිව නම්කළ ශ්රී ලංකා එක්දින සංචිතය මෙන්න
- චරිත් අසලංක ( C )
- අවිශ්ක ප්රනාන්දු
- පැතුම් නිශ්ශංක
- කුසල් මෙන්ඩිස්
- කමිඳු මෙන්ඩිස්
- ජනිත් ලියනගේ
- සදීර සමරවික්රම
- නිශාන් මදුශ්ක
- දුනිත් වෙල්ලාලගේ
- වනිඳු හසරංග
- මහීශ් තීක්ශණ
- ජෙෆ්රි වැන්ඩර්සේ
- චමිඳු වික්රමසිංහ
- අසිත ප්රනාන්දු
- දිල්ශාන් මදුශංක
- මොහොමඩ් සිරාස්