2024 හොංකොන්ග් සික්සස් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි.. -
News

2024 හොංකොන්ග් සික්සස් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි..

2017 වසරෙන් පසුව පළමු වරට පැවැත්වෙන Hong Kong Cricket Sixes තරඟාවලිය එළඹෙන නොවැම්බර් මස 01 වනදා සිට 03 වනදා දක්වා කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාණ්ඩ 04 ක් යටතේ කණ්ඩායම්, පළමු වටයේ ක්‍රීඩාකරන අතර ශ්‍රී ලංකාව D කාණ්ඩයෙන් තරඟ කරනවා. ශ්‍රී ලංකාවට අමතරව D කාණ්ඩයෙන් ඕමානය සහ බංග්ලාදේශය තරඟ වදිනවා.

  • Pool A – HongKong , NewZeland , South Africa
  • Pool B – Australia , England , Nepal
  • Pool C – India , Pakistan , UAE
  • Pool D – Sri Lanka , Bangladesh , Oman

තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නිවේදනය කළ අතර ලහිරු මදුශංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩකයින් 07 ත් දෙනෙක් ඇතුළත්.

මෙවර HongKong Sixes තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

  • ලහිරු මදුශංක ( C )
  • දනංජය ලක්ශාන්
  • තනුක දාබරේ
  • ලහිරු සමරකෝන්
  • සඳුන් වීරක්කොඩි
  • නිමේශ් විමුක්ති
  • තරිඳු රත්නායක

තරඟ නීති ලෙස එක් කණ්ඩායමකට ඉනිමකට පන්දුවාර 05 ක් ලැබෙන අතර කණ්ඩායමකට ක්‍රීඩකයින් 06 දෙනෙකුට පමණක් ක්‍රීඩාකළ හැකි වනවා. කඩුලු රකින්නා හැරුණු විට අනෙකුත් ක්‍රීඩකයින් පස්දෙනාම පන්දුයැවිය යුතු වන බවද තරඟ නීතිවල දැක්වෙනවා.

තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය නොවැම්බර 01 වනදා උදෑසන 8.45 ට ඕමානය සමඟින් පැවැත්වෙන අතර දෙවන තරඟය බංග්ලාදේශය සමඟින් පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ ලෝකය පුරා විකාශණ අයිතිය Star Sports නාලිකාව විසින් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට Star Sports නාලිකා හරහා තරඟාවලිය නැරඹීමට අවස්තාව හිමිවී තිබෙනවා.

තරඟාවලියේ කාලසටහන පහතින්

NOVEMBER 1

  • South Africa vs Hong Kong (6 AM IST-6:55 AM IST)
  • England vs Nepal (6:55 AM IST-7:50 AM IST)
  • Pakistan vs UAE (7:50 AM IST-8:45 AM IST)
  • Sri Lanka vs Oman (8:45 AM IST-9:40 AM IST)
  • New Zealand vs Hong Kong (9:40 AM IST-10:35 AM IST)
  • Bangladesh vs Oman (10:35 AM IST-11:30 AM IST)
  • India vs Pakistan (11:30 AM IST-12:25 PM IST)
  • England vs Australia (12:25 PM IST-1:15 PM IST)
  • South Africa vs New Zealand (1:15 PM IST-2:10 PM IST)
  • Sri Lanka vs Bangladesh (2:10 PM IST-3:05 PM IST)

NOVEMBER 2

  • Australia vs Nepal (6 AM IST-6:55 AM IST)
  • India vs UAE (6:55 AM IST-7:50 AM IST)
  • Bowl Match 1: A3 vs D3 (7:50 AM IST-8:45 AM IST)
  • Bowl Match 2: B3 vs C3 (8:45 AM IST-9:40 AM IST)
  • Quarterfinal 1: B1 vs A2 (9:40 AM IST-10:35 AM IST)
  • Quarterfinal 2: A1 vs C2 (10:35 AM IST-11:30 AM IST)
  • Bowl Match 3: A3 vs C3 (11:30 AM IST-12:25 PM IST)
  • Bowl Match 4: B3 vs D4 (12:25 PM IST-1:15 PM IST)
  • Quarterfinal 3: D1 vs B2 (1:15 PM IST-2:10 PM IST)
  • Quarterfinal 4: C1 vs D2 (2:10 PM IST-3:05 PM IST)

NOVEMBER 3

  • Bowl Match 5: A3 vs B3 (6 AM IST-6:55 AM IST)
  • Plate Semifinal 1: LQ1 vs LQ2 (6:55 AM IST-7:50 AM IST)
  • Plate Semifinal 2: LQ3 vs LQ4 (7:50 AM IST-8:45 AM IST)
  • Bowl Match 6: C3 vs D3 (8:45 AM IST-9:40 AM IST)
  • Semifinal 1: WQ1 vs WQ2 (10:20 AM IST-11:10 AM IST)
  • Semifinal 2: WQ3 vs WQ4 (11:10 AM IST-12:05 PM IST)
  • Bowl final (12:05 PM IST-12:55 PM IST)
  • Plate Final (12:55 PM IST-1:45 PM IST)
  • Cup Final (1:55 PM IST-2:45 PM IST)

තරඟාවලියට එක්වන කණ්ඩායම්වල ක්‍රීඩක සංචිතයන් පහතින්

  • India: Robin Uthappa (Captain), Bharat Chipli, Kedar Jadhav, Manoj Tiwary, Shahbaz Nadeem, Shreevats Goswami, Stuart Binny.
  • Pakistan: Faheem Ashraf (captain), Asif Ali, Shahab Khan, Muhammad Akhlaq, Danish Aziz, Hussain Talat, Aamer Yamin.
  • Hong Kong: Nizakat Khan (Captain), Benny Singh Paras, Ehsan Khan, Imran Arif, Jason Lui, Sahal Malvernkar, Zeeshan Ali
  • South Africa: JJ Smuts (Captain), Aubrey Swanepoel, Don Radebe, Evan Jones, Jacques Snyman, Luthando Midiri, Matthew Boast.
  • New Zealand: Todd Astle (Captain), Harmeet Singh, Henry McIntyre, Raunaq Kapur, Sam Assidy, Siddesh Dixit, Xavier Bell.
  • Australia: Dan Christian (Captain), Alex Ross, Andrew Fekete, Fawad Ahmed, Jack Wood, James Pattinson, Sam Heazlett.
  • Sri Lanka: Lahiru Madushanka (C), Thanuka Dabare, Sandun Weerakkody (wk), Dhananjaya Lakshan, Lahiru Samarakoon, Nimesh Vimukthi, Tharindu Ratnayake
  • UAE: Asif Khan (C), Ansh Tandon, Muhammad Zuhaib, Sanchit Sharma, Khalid Shah (Wk), Akif Raja, Zahoor Khan
  • England: Ravi Bopara (C), Ethan Brookes, James Coles, Jordan Thompson, Samit Patel, Alex Davies (Wk), Ed Barnard
  • Bangladesh: Jishan Alam, Yasir Ali, Mohammad Saifuddin, Nahidul Islam, Abdullah Al Mamun, Abu Hider, Sohag Gazi
  • Nepal: Bipin Khatri, Rashid Khan, Sundeep Jora, Bibek Yadav, Dipendra Rawat, Narayan Joshi, Rupesh Singh, Kamal Singh, Lokesh Bam, Pratis Gc
  • Oman : Shuaib Al Balushi, Zikriya Islam, Wasim Ali, Hammad Mirza, Hassnain Shah, Mujibur Ali, Sufyan Mohmood

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button