News
ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු ක්‍රිකට් පිටියට සමුදෙයි..
ඕස්ට්‍රේලියාව බිහිකළ සුපිරි කඩුලු රකින පිතිකරුවෙකු වූ මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සමුගැනීමෙන් අනතුරුව ඔහු, නොවැම්බර් මස පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමටද නියමිතයි.
ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට වේඩ්, 2011 සිට 2024 දක්වා ටෙස්ට් තරඟ 36 ක්, එක්දින තරඟ 97 ක් සහ විස්සයි විස්ස තරඟ 92 කදී ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශූරතාවය කරා රැගෙනයාමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකිරීමටද වේඩ් සමත්වුණා.