කොල්කටා කණ්ඩායම, කිරුළ දිනූ නායකයා අත්හරියි.. -
News

කොල්කටා කණ්ඩායම, කිරුළ දිනූ නායකයා අත්හරියි..

2025 IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායම් තුළ රඳවාගන්නා ක්‍රීඩකයින් පිළිබඳව කණ්ඩායම් නිවේදනය කර තිබෙනවා.

මේවන විට IPL තරඟාවලිය නියෝජනය කරන සියලුම කණ්ඩායම් සිය කණ්ඩායම් තුළ රඳවාගන්නා ක්‍රීඩකයින් නිවේදනය කර ඇති අතර ඒ අතර එකම ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රඳවාගත් වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණයි.

පසුගිය වර IPL ශූරතාවය හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, ශූරතාවය හිමිකරදීමට කණ්ඩායම මෙහෙයවූ ශ්‍රේයස් අයියර්ව මුදාහැර තිබීම විශේෂත්වයක්. එලෙසම එදාමෙදාතුළ IPL ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළම වටිනාකමින් සිය කණ්ඩායමට එක්කරගත් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ට්‍රාර්ක්වද කණ්ඩායමෙන් මුදාහැරීමට කොල්කටා කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

වෙන්දේසියට ඉදිරිපත් නොකර කණ්ඩායම් රඳවාගත් ක්‍රීඩකයින්

  • මුම්බායි ඉන්දියන්ස් – හර්දික් පාන්ඩ්‍යා , රොහිට් ශර්මා, සූර්යකුමාර් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, තිලක් වෙර්මා
  • ලක්නව් සුපර් ජයන්ට්ස් – නිකලස් පූරන්, රවී බිශ්නෝයි, මායන්ක් යාදව්, ආයුශ් බදෝනි, මොශින් ඛාන්
  • කොල්කටා නයිට් රයිඩර්ස් – සුනිල් නරීන්, රිංකු සිං, වරූන් චක්‍රවර්තී, හර්ශීට් රානා, ඇන්ඩ්‍රි රසල්, රමංදීප් සිං
  • චෙන්නායි සුපර් කිංග්ස් – රුටුරාජ් ගයික්වාඩ්, රවීන්ද්‍ර ජඩේජා, ශිවම් ඩුබේ, මතීශ පතිරණ, මහේන්ද්‍ර සිං දෝණි
  • ගුජරාට් ටයිටන්ස් – ශුබ්මන් ගිල්, රශීඩ් ඛාන්, ශායි සුදර්ශන්, රාහුල් තෙවාතියා, ශාරුක් ඛාන්
  • රාජස්තාන් රෝය්ල්ස් – සංජු සැම්සන්, යශස්වි ජයිස්වාල්, රියාන් ප්‍රාර්ග්, සංදීප් ශර්මා, ශිම්රන් හෙට්මයර්, ධ්‍රිව් ජරෙල්
  • සන්රයිසර්ස් හයිද්‍රාබාද් – හෙන්රිච් ක්ලාසන්, පැට් කමින්ස්, අභිශේක් ශර්මා, ට්‍රැවීස් හෙඩ්, නිටීශ් කුමාර් රෙඩ්ඩි
  • දිල්ලි කැපිටල්ස් – අක්ශාර් පටෙල්, කුල්දීප් යාදව්, ට්‍රිස්ටන් ස්ටුබ්ස්, අභිශේක් පොරෙල්
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – විරාත් කෝලි, රාජාට් පතිදර්, යශ් දයාල්
  • පන්ජාබ් කිංග්ස් – ශෂාංක් සිං, ප්‍රභ්ශිම්රං සිං

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button