News
ඉන්දීය කණ්ඩායම, පකිස්තානට යාම ප්‍රතික්ෂේප කරයි.
ලබන වසරේ පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන (Champions Trophy) තරඟාවලිය සඳහා, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට නොයවන ලෙස ඉන්දීය රජය විසින් තමන්ට උපදෙස් දී ඇති බව, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ICC යට දැනුම් දී ඇති බවට Espncricinfo වාර්තා කර තිබෙනවා..
එබැවින්, ඉන්දියා කණ්ඩායමට ඇති තරඟ වෙනත් රටක පැවැත්වීමට හැකි වුවත්, මෙවර සත්කාරීත්වය දරන පකිස්තානය එම ක්‍රමයට අකමැති බව පකිස්තාන ක්‍රිකට් ආයතනය මීට පෙර දැනුම් දී තිබුණා.
පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදි ලද අහිමිහිරි පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන ශූරයින්ගේ කුසලානය අහිමි වූ අතර, මෙලෙස ඉන්දීය කණ්ඩායම පකිස්තානට යාම ප්‍රතික්ෂේප කළ බැවින්, බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමිවිය හැක.