බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නාට තරඟ තහනමක්.. -
News

බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නාට තරඟ තහනමක්..

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරඟය අත‍රතුර නායක ශේයි හෝප් සමඟ ඇතිවූ මතභේදයක් හේතුවෙන් අනවසරයෙන් පිටියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසෆ් හට තරඟ දෙකක තහනමක් පනවා තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධව අල්සාරි ජෝසෆ් සමාව ලබාගෙන ඇති අතර

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රේක්ශකයින්ගෙන් මම සමාව අයැද සිටිනවා. මම තේරුම්ගත්තා පොඩි අතපසුවීමකින් වුවත් විශාල බලපෑමක් සිදුවියහැකි බව. සිදුවූ සිත්‍ රිදවීම පිළිබඳව මම කණගාටු වෙනවා.

යනුවෙන් අල්සාරි ජෝශෆ් ප්‍රකාශ කර තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button