නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 02 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ඊයේ (09) පැවැත්වුණු අතර කඩුලු 04 ක ජයක් වාර්තාකරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර වනිදු හසරංග, නුවන් තුශාර සහ මතීශ පතිරණ අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 06 ක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. පරිණත ඉනිමක් දියත්කළ නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35 ක් වාර්තා කළා.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට සමත්වුණා. ඒ හිටපු සුපිරි ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ශාන් අභිබවා යමින්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභීන්
- කුසල් ජනිත් පෙරේරා | 1904* Runs
- තිලකරත්න දිල්ශාන් | 1889 Runs
- කුසල් මෙන්ඩිස් | 1840* Runs
- පැතුම් නිස්ශංක | 1541* Runs
- මහේල ජයවර්ධන | 1493 Runs