නවසීලන්තය බිහිකළ සුපිරි පන්දුයවන්නා වසර 17 ක ටෙස්ට් දිවිය නිමාකරයි.. -
News

නවසීලන්තය බිහිකළ සුපිරි පන්දුයවන්නා වසර 17 ක ටෙස්ට් දිවිය නිමාකරයි..

නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ට පන්දුයවන්නෙකු වන සුපිරි ක්‍රීඩක ටිම් සවුති සිය වසර 17 ක ටෙස්ට් ක්‍රිකට් දිවියට නුදුරේදීම සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව නවසීලන්තය 3-0 ක ඉතිහාසගත ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් වාර්තාකළ මොහොතේ තමා ටෙස්ට් පිටියට සමුගැනීමට තීරණය කළ නමුත් පුහුණුකරුගේ ඉල්ලීම මත සිය මවිබිමේදී එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩාකිරීමට තීරණය කළ බව ටිම් සවුති ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව දෙසැම්බර් මස එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ඔහුගේ අවසන් ටෙස්ට් තරඟාවලිය වන අතර යම්හෙයකින් නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරාතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගතහොත් එය ක්‍රීඩාකිරීමට තමා සූදානම් බවද සවුති ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට ටිම් සවුති 2008 වසරේ සිට 2024 වසර දක්වා වසර 17 කට ආසන්න කාලයක් පුරාවට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් කඩුලු 385 කට හිමිකම් කීමට සමත්වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button