2025 IPL තරඟාවලිය වෙනුවෙන් ක්රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් 24 සහ 25 දින දෙක තුළ සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසිය සඳහා ඉන්දීය සහ විදෙස් ක්රීඩකයින් 1574 ක් ලියාපදිංචි වී තිබෙන අතර ඒ සඳහා ශ්රී ලංකා ක්රීඩකයින් 29 දෙනෙක්ද ඇතුළත්.
වෙන්දේසියට සඳහා ලියාපදිංචි වූ ක්රීඩකයින් අතරින් වෙන්දේසියට ඉදිරිපත් කරන ක්රීඩකයින් සහ ඔවුන්ගේ මූලික ලංසු මුදල නිවේදනය කර තිබෙනවා. වෙන්දේසියට ලියාපදිංචි වූ ශ්රී ලාංකික ක්රීඩකයින් අතරින් ඉහළම ලංසු මුදල හිමිවී තිබෙන්නේ වනිඳු හසරංග සහ මහීශ් තීක්ශණටයි. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 02 ක බැඟින් මූලික ලංසු හිමිවී තිබෙනවා.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත ශ්රී ලාංකික ක්රීඩකයින් සහ ඔවුන්ට හිමිවී තිබෙන මූලික ලංසු මුදල්
- WANINDU HASARANGA – 2 CR (INR)
- MAHESH THEEKSHANA – 2 CR (INR)
- VIJEKANTH VIYASKANTH – 75 LAKS (INR)
- KUSAL MENDIS – 75 LAKS (INR)
- KUSAL PERERA – 75 LAKS (INR)
- NUWAN THUSHARA – 75 LAKS (INR)
- JEFFREY VANDERSAY – 75 LAKS (INR)
- PATHUM NISSANKA – 75 LAKS (INR)
- BHANUKA RAJAPAKSE – 75 LAKS (INR)
- KAMINDU MENDIS – 75 LAKS (INR)
- DUSHMANTHA CHAMEERA – 75 LAKS (INR)
- CHARITH ASALANKA – 75 LAKS (INR)
- DUNITH WELLALAGE – 75 LAKS (INR)
- DILSHAN MADUSHANKA – 75 LAKS (INR)
- DUSHAN HEMANTHA – 75 LAKS (INR)
- DASUN SHANAKA – 75 LAKS (INR)
- LAHIRU KUMARA – 75 LAKS (INR)
- ESHAN MALINGA – 30 LAKS (INR)
- DUMINDU SEWMINA – 30 LAKS (INR)