තරඟ නීති උල්ලංඝනය කළ මොහොමඩ් සිරාජ්ට දඩ.

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවතී දෙවන ටෙස්ට් තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර, ඕස්ට්‍රේලියා පලමු ඉනිමේදී ට්‍රැවිස් හෙඩ් හා මොහොමඩ් සිරාජ් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ගැන මාධ්‍ය හමුවේදී ඔවුන් අදහස් දක්වා තිබුණා.
ලකුණු 140ක් ලබාගෙන සිටි ට්‍රැවිස් හෙඩ්, ඉනිමේ 82 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර, එහිදී මොහොමඩ් සිරාජ් හැසිරුනු ආකාරය සම්බන්ධයෙන් තමන් අප්‍රසාදය පළ කරන බවට ට්‍රැවිස් හෙඩ් පවසා තිබුනා.
“ඔබ හොඳින් පන්දු යැව්වා කියලා මම කිව්වා. නමුත් ඔහු එය තේරුම් ගත්තේ වෙනත් ආකාරයකින්. මම ක්‍රීඩා කරපු ආකාරය අනුව මම මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණා. නමුත් ඔහුගේ එම හැසිරීමෙන් මමත් පුදුම වුණා. මම ඒ ආකාරයෙන් ක්‍රීඩා කිරීමට කැමති නැහැ. මගේ කණ්ඩායමේ සඟයන් ද එසේමයි”
ට්‍රැවිස් හෙඩ්ගේ කඩුල්ල ලබාගත් අවස්ථාවේදී මොහොමඩ් සිරාජ් අතර ඇතිවූ වචන හුවමාරුව වීඩියෝ එක මෙන්න.
I don’t see any problem in Mohammed Siraj celebrating Travis Head’s wicket the way he did.
— Madhav Sharma (@HashTagCricket) December 7, 2024
Booing Aussies at the stadium should stop being so emotional. Head batted brilliantly but that yorker + send off were also 🔥🔥#INDvsAUS
pic.twitter.com/OF6I79U2CD
මේ අතර, සිරාජ්ගේ මෙම හැසිරීම හේතුවෙන්, තරඟ මුදලින් 20%ක දඩයක් පැනවීමට ද තරඟ තීරකයා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ල මහතා තීරණය කර තිබෙනවා.