දික්වැල්ලගේ දඬුවම ලිහිල් වෙයි.. -
News

දික්වැල්ලගේ දඬුවම ලිහිල් වෙයි..

නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණ වලදී වරදකරු වීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝශන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ආකෘති සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් මෙම දඬුවම ලිහිල් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේවනවිට තීරණය කර තිබෙනවා. ඒ අනුව වසර 03 ක තරඟ තහනම මාස 03 ක් දක්වා ලිහිල් කර තිබෙන අතර ඒ අනුව ඔහුගේ තහනම මේවනවිට ඉවත්වී තිබෙනවා. නුදුරේදීම නිරෝශන් දික්වැල්ල දේශීය ක්‍රිකට් පිටියේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද ක්‍රීඩාකිරීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button