යොවුන් ක්‍රීඩකයා ඉදිරියේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් විරාත් කෝලිට දඬුවම්.. -
News

යොවුන් ක්‍රීඩකයා ඉදිරියේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් විරාත් කෝලිට දඬුවම්..

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ සිව්වන ටෙස්ට් තරඟය අද (26) ආරම්භ වූ අතර පළමු දිනය නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩාකරන ඕස්ට්‍රේලියාව කඩුලු 06 ක් දැවී ලකුණු 311 ක් ලබාසිටියා.

අද දිනයේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් 19 හැවිරිදි Sam Konstas ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ඉන්දීය පන්දුයවන්නන් මායිම් නොකරමින් පන්දු 65 කින් වේගවත් ලකුණු 60 ක් වාර්තා කළා.

තරඟය අතරතුරදී විරාත් කොලී සහ Sam Konstas අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ විරාත් කෝලි ඔහුගේ ගමන් මඟ හරස්කරමින් ඔහුගේ උරහිසේ ගැටීමට කටයුතු කිරීම හේතුවෙන්. ( වීඩියෝ එක පහතින් නැරඹිය හැකියි )

19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේදි Sam Konstas තමාගේ ප්‍රියතම ක්‍රීඩකයා විරාත් කෝලි බව පවසා තිබූ අතර විරාත් කෝලි මෙම යොවුන් ක්‍රීඩකයා ඉදිරියේ පෙන්වූ නොමනා හැසිරීම සම්බන්ධව දැඩි කතාබහක් මේවනවිට ඇතිවී තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධව ICC යෙන්ද විරාත් කෝලි හට දඬුවම් පනවා තිබෙනවා. ඒ අනුව විරාත් කෝලි හට තරඟ ගාස්තුවෙන් 20% ක මුදලක් සහ එක් දඬුවම් ලකුණක් පැනවීමට ICC ය කටයුතු කර තිබෙනවා.

කෝලි සහ Sam Konstas අතර ඇතිවූ උණුසුම් තත්ත්වය ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button