ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජයගේ සහෝදරයාට ප්‍රහාරයක්..
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජය ද සිල්වාගේ වැඩිමහල් සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වාට තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ ( 10 ) රාත්‍රී 7.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසිය පවසන අතර පාතාලයට සම්බන්ධ යැයි පැවසෙන ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා යන අය විසින් තවත් කිහිපදෙනෙකු සමඟ එක්ව මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සවිත්‍ර ද සිල්වා මොරටුව ලුනාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දනංජය ද සිල්වා සහ ප්‍රහාරයට ලක්වූ සාවිත්‍ර ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුද වූ රන්ජන් ද සිල්වා මහතා 2018 වසරේදී වෙඩිතමා ඝාතනය කෙරුණා.