News
බංග්ලාදේශ චැම්පියන්ස් කුසලාන සංචිතයෙක් ප්‍රභලයින් කිහිපදෙනෙක් හැලෙයි..
2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා. සුපුරුදු පරිදි බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය නජ්මුල් හොසේන් සන්ටු හට හිමිවී තිබෙන අතර ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම කණ්ඩායමේ ස්තානය අහිමිවී තිබෙනවා.
ICC ය විසින් පන්දුයැවීමේ ඉරියව්ව නිතීවිරෝධි බවට තහවුරු කරමින් සහ ICC අනුමත ජාත්‍යන්තර දේශීය තරඟවලදී පන්දුයැවීම තහනම් කළ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ටද චැම්පියන්ස් කුසලාන සංචිතයේ ස්තානය අහිමි වී තිබෙනවා. එලෙසම කඩුලු රකින පිතිකරු ලිට්න් දාස්ටද සංචිතයේ ඉඩක් හිමිවී නෑ.
මේ අතර චෙන්නායිහිදී පැවැති පන්දුයැවීමේ ඉරියව්ව පිළිබඳ නැවත ඇඟයීමේ පරීක්ශණයකින්ද ශකීබ් අල් හසන් අසමත් වී තිබෙනවා.
චැම්පියන්ස් කුසලාන තරඟාවලියට නම්කළ බංග්ලාදේශ සංචිතය
- Najmul Hossain Shanto ( C )
- Soumya Sarkar
- Tanzid Hasan
- Towhid Hridoy
- Mushfiqur Rahim
- Mahmudullah
- Jaker Ali
- Rishad Hossain
- Taskin Ahmed
- Nasum Ahmed
- Mustafizur Rahman
- Pravez Hossain Emon
- Mehidy Hasan Miraz
- Tanzim Hasan Shakib
- Nahid Rana