2025 ඉන්ටර්නැෂනල් T20 ලීග් තරඟාවලියේ 8 වන තරඟය ලෙස ඊයේ (17) පැවතී Dubai capitals හා Sharjah Warriors කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගැනීමට Sharjah warriors කණ්ඩායම සමත්වුණා.
තරඟයේ පලමුව පන්දුවට පහරදුන් Dubai capitals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබාගත් අතර, එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු Shai hope පන්දු 52කදී නොදැවී ලකුණු 83ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.
අනතුරුව 202ක ඉලක්කයක් හඹාගිය Sharjah warriors කණ්ඩායම පන්දුවාර 18කදී පහසුවෙන්ම ජයග්රාහී ඉල්ලක්කය පසුකර ගියේ අවිශ්ක ප්රනාන්දුගේ වේගවත් පිතිකරණය හේතුවෙන්. එහිදී, අවිශ්ක ප්රනාන්දු පන්දු 27කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 6ක් හා හයේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වුණා.
මෙම ඉනිමේදී අවිශ්ක ප්රනාන්දු පන්දු 16කින් අර්ධ ශතකය වාර්තාකළ අතර, එය ඉන්ටර්නැෂනල් T20 ලීග් තරඟාවලියේ වාර්තාවූ වේගවත්ම අර්ධ ශතකයද වෙනවා. මීට පෙර වේගවත්ම අර්ධ ශතකය වාර්තාකර තිබුණේ අසාම් ඛාන් විසිනි. ඒ පන්දු 18කින්.
අවිශ්ක ප්රනාන්දුගේ වේගවත් ඉනිම වීඩියෝ එක මෙන්න.