News
බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන්ට වරෙන්තු..
බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන්ව අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශයේ ඩකා අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා. ඒ IFIC බැංකුව සම්බන්ධ අගරු චෙක්පත් නඩුවක් සම්බන්ධයෙන්.
බංග්ලාදේශ පාලනයේ අවාමි ලීග් ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු වූ ශකිබ් අල් හසන්, ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව මේවනවිට විදෙස්ගතව ජීවත්වෙනවා.
ශකිබ් අල් හසන්ගේ පන්දුයැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට ICC ය තහවුරු කිරීමත් සමඟින් ICC අනුමත තරඟවලදී ශකීබ් අල් හසන්ටද පන්දුයැවීම තහනම් කෙරුණා. 2025 චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් නම්කළ බංග්ලාදේශ සංචිතයේ ද ශකිබ් අල් හසන්ට ස්තානය අහිමිවුණා.