News
වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කරයි..

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දනංජය ද සිල්වාට හිමිවී ඇති අතර සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. මේවනවිට ආබාධවලට ලක්ව සිටින බවට වාර්තා වන නායක දනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා. කෙසේවෙතත් නවක ක්‍රීඩකයින් දෙපළක් වන ලහිරු උදාර සහ සොනාල් දීනූශවත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේශත්වයක්.
ඕස්ට්‍රේලියාවට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා ටෙසට් සංචිතය මෙන්න.
- දනංජය ද සිල්වා ( C )
- පැතුම් නිස්ශංක
- දිමුත් කරුණාරත්න
- දිනේශ් චන්දිමාල්
- ඇන්ජලෝ මැතිව්ස්
- කමිඳු මෙන්ඩිස්
- ඔශද ප්‍රනාන්දු
- කුසල් මෙන්ඩිස්
- ලහිරු උදාර
- සදීර සමරවික්‍රම
- සොනාල් දිනූශ
- ප්‍රභාත් ජයසූරිය
- ජෙෆ්රි වැන්ඩර්සේ
- නිශාන් පීරිස්
- මිලාන් රත්නායක
- අසිත ප්‍රනාන්දු
- විශ්ව ප්‍රනාන්දු
- ලහිරු කුමාර