News
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මාර්තු 31 වනදා..

2025 – 2027 ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභිකයින් පත්කරගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය එළඹෙන මාර්තු මස 31 වනදාට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන පළමු නිළවරණය මෙය වන අතර මෙවර ඡන්ද සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩුකර තිබෙනවා. නිළවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) අවසන් වුණා.
මෙවර නිළවරණය සඳගා වත්මන් සභාපති ෂම්මි සිල්වාගේ පාර්ශ්වය පමණක් නාමයෝජනා භාරදී ඇති බව වාර්තා වන අතර 2023-25 කාල සීමාවට අදාළ නිළවරණයේදී ද ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය නිතරඟයෙන් තේරි පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා ඉදිරිපත් කිරීමට ජනවාරි 29 වැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා.