තමන්ට සිදුවූ අසාධාරණය ගැන වර්තමාන පළමු පෙළ පිටියේ විශිස්ටතම පන්දුයවන්නා සිය හඬ අවධි කරයි.. -
News

තමන්ට සිදුවූ අසාධාරණය ගැන වර්තමාන පළමු පෙළ පිටියේ විශිස්ටතම පන්දුයවන්නා සිය හඬ අවධි කරයි..

දිගින් දිගටම පළමු පෙළ පිටියේ දක්ශතා අතර සිටියදීත් ජාතික කණ්ඩායමේ අවස්තාව නොලැබීම සම්බණ්ධව සහ තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව පළමු පෙළ පිටියේ කඩුලු 962 කට හිමිකම් කියන දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුශ්පකුමාර සිය හඬ අවධි කර තිබෙනවා. ඒ සිරස Sports 1st සමඟ සිදුකළ වැඩසටහනකදී.

මලින්ද පුශ්පකුමාර, වර්තමාන ශ්‍රී ලංකා පළමුපෙළ පිටියේ වැඩිම කඩුලුලාභියා ද වන අතර මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් සහ දිනුක් හෙට්ටිආරච්චිගෙන් පසුව ශ්‍රී ලාංකික වැඩිම පළමුපෙළ කඩුලුලාභියාද ඔහුයි.

තමන්ට සිදුවූ අසාධාරණකම් පිළිබඳව මලින්ද පුශ්පකුමාර දැක්වූ අදහස්

” ක්‍රිකට් ජීවිතය ගත්තම ඇත්තටම කලකිරීමක් තියෙනවා. මට ලැබුණෙ ටෙස්ට් මැච් 04 ක් විතරයි. අනෙත් ක්‍රීඩකයන්ට ලැබුණු අවස්තා මට ලැබුණදෝ කියන ප්‍රශ්ණය මට තියෙනවා.

2018 එංගලන්ත මැච් එකෙන් පස්සෙ මම එලියට ගියාම කවුරුත් මට කතා කලේ නෑ. මන් මගේ ක්‍රිකට් එක ඉස්සරහට මොකද වෙන්නෙ කියලා කතා කරාම එයාල කිව්වෙ අපිට ඉන්න ලෙෆ්ට් ආර්ම් ස්පිනර් ඔයා නිසා ඔයාව අපි බලනවා කියලා.

2018 න් පස්සෙ තෙරීම් කමිටුව වෙනස්වෙලා අලුත් සභාපතිවරයෙක් ආවා. 2014/15 දි මන් දක්ශතා අතර ඉන්නකොටත් එයාමයි සභාපති හිටියේ. එතකොට එයා කිව්වෙ ” ඔයා තාම පොඩි වැඩියි. තාම ඔයාට අවුරුදු 25 යි 26 යි. ස්පිනර් කෙනෙක් මැචුවර් වෙන්නෙ අවුරුදු 31 දි 32 දි ඒ නිසා ඔයා ඔහොම දිගටම ඩොමැස්ටික් එක කරගෙන යන්න. අපි ඔයා ගැන බලාගෙන ඉන්නෙ. ” කියල එයා මට කිව්වා.

ඊටපස්සෙ 2018 න් පස්සෙ ආයෙත් එයාමයි සභාපති වෙන්නෙ සිලෙක්ටර් කමිටි එකේ. දක්ශතාත් එක්ක මගේ නම එළියට එනකොට එක් අවස්තාවකදී එයාම කියනවා ඔහුගේ වයස වැඩියි කියලා. එතකොටත් මට වසය අවුරුදු 31 ක් 32 ක්. එයා 2014/15 මට කියපු කතාව 2020/21 දී වෙනස් වෙනවා. මම දන්නෑ කොහොමද ඒක වෙනස් වුණේ කියලා.

තරඟාවලියක් ක්‍රීඩාකරනකොට පේනවා කවුද දක්ශතා දක්වන්නෙ කියලා. එකම තරඟාවලියෙ හොඳට බැට් කරන කෙනාව ටෙස්ට් සංචිතයකට එනවනම් හොඳම පන්දුයවන්නාව ගන්නෙ නැත්නම් ප්‍රශ්ණයක්. එතකොට ඒගොල්ල තරඟාවලිය බලාගෙන ඉන්නෙ කියලා පේනවනෙ. නමුත් හොඳම පිතිකරුවට අවස්තාව ලැබිලා හොඳම පන්දුයවන්නට අවස්තාවක් නෑ කියන්නෙ එතන ප්‍රශ්ණයක් තියෙනවා.

මම දන්නෑ සිලෙක්ටර්ස්ල කොහොම තැනක ඉන්නවද කියලා. ලංකාවට ගහන්න මට ආයේ කතාකරයිද නැද්ද කියලා.. මම පළමුපෙළ විකට් 1000 ගන්නකන් සෙල්ලම් කරනවා. තව තරඟ 05 ක් ඇතුළත මම කොහොමත් ඕක ගන්නවා. 1000 හ අරගෙන තමයි මම ක්‍රිකට් නවත්තන්නෙ. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button