එකම දිනයේ දෙස් විදෙස් තරඟ දෙකක් ක්‍රීඩාකළ දසුන් ශානකට චෝදනාවක්..
මේ දිනවල පැවැත්වෙන ඉන්ටර්නැශනල් ලීග් තරඟාවලියට ශ්‍රී ලංකා හිටපු නාක දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී සිටිනවා. කෙසේවෙතත් මේ දිනවල පැවැත්වෙන මේජර් ලීග් තරඟාවලියේ SSC කණ්ඩායමට තීරණාත්මක තරඟයක් ක්‍රීඩාකිරීම සඳහා දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණි අතර ඊයේ ( Feb 02 ) පැවති තරඟයකදී ශතකයක්ද වාර්තා කිරීමට දසුන් ශානක සමත්වූ අතර එදිනම දසුන් ඩුබායි වෙත නැවත පියාසර කරමින් ඉන්ටර්නැශනල් ලීග් තරඟාවලියේ අබුඩාබී නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 12 කින් ලකුණු 34 ක් රැස්කරමින් වේගවත් ඉනිමක් දියත්කිරීමට සමත්වුණා.
පැය කිහිපයක් ඇතුළත දසුන් ශානක දෙස් – විදෙස් තරඟ දෙකක් ක්‍රීඩාකරමින් දැක්වූ දස්කම් අඟයමින් Espn Crickinfo ඇතුළු ලොව ප්‍රමුඛ ක්‍රිකට් පිටු කිහිපයක්ම සටහන් පලකර තිබුණා.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ මෙරට විපක්ශයට සහය දක්වන ප්‍රධානම මාධ්‍ය නාලිකාවක් වන Hiru TV, දසුන් ශානකට මේ පිළිබඳව චෝදනා එල්ල කරනවා. ඒ මේජර් ලීග් තරඟාවලියේ දසුන් ක්‍රීඩාකළ තරඟය නිමාවීමට පෙර වෛද්‍යවරයෙක් හමුවීමට ඩුබායි වෙත යන බවට ක්‍රිකට් බලධාරීන්ට බොරු පවසා මුදලට තරඟ ක්‍රීඩාකළ බවටයි.
ඔවුන් මෙම සිදුවීම වාර්තා කර තිබුණේ මෙලෙසින්
දසුන් ශානකට චෝදනා.. pic.twitter.com/Zpj1PlvOiK
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) February 3, 2025