චැම්පියන්ස් කුසලානයේදී ඕස්ටේලියා කණ්ඩායම විශාල අර්බුධයක..

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතයට නම්කර තිබුණු ප්‍රභලම ක්‍රීඩකයින් සිව්දෙනෙකුට තරඟාවලිය අහිමි වී තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම විශාල අර්බුධයකට මුහුණ පා තිබෙනවා.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස්ට සහ වේගපන්දු යවන ක්‍රීඩක ජෝශ් හේශල්වුඩ් හට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා. ඒ ඔවුන් මේවනවිට මුහුණපා සිටින ආබාධ තත්වයන් හේතුවෙන්. ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙවර චැම්පියන්ස් කුසලානයට නව නායකයෙක් යටතේ ක්‍රීඩාකිරීමට සිදුවෙනවා.
එලෙසම තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාර්ශ්ටද පිට කොන්දේ අබාධයක් හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අහිමි වන අතර තුන්ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් හදිසියේම ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට ගත් තීරණය හේතුවෙන් ඔහුගේ සේවයද ඕස්ට්‍රේලියා කණ්ඩායමට චැම්පියන්ස් කුසලානයේදී අහිමිවෙනවා.