ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි.. -
News

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය පෙබරවාරි 13 සහ 15 ස් වන දින කොළබ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිළවශයෙන් නම්කර තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව පසුගිය තරඟාවලිය ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමම වෙනසකින් තොරව ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරඟාවලිය වෙනුවෙන් නම්කර තිබෙන අතර කුසල් ජනිත් පෙරේරා සහ දසුන් ශානකට මෙම තරඟාවලියේද අවස්තාවක් හිමිවී නෑ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න.

  • චරිත් අසලංක ( C )
  • පැතුම් නිශ්සංක
  • කුසල් මෙන්ඩිස්
  • අවිශ්ක ප්‍රනාන්දු
  • කමිඳු මෙන්ඩිස්
  • ජනිත් ලියනගේ
  • නිශාන් මදුශ්ක
  • නුවනිඳු ප්‍රනාන්දු
  • දුනිත් වෙල්ලාලගේ
  • වනිඳු හසරංග
  • මහීශ් තීක්ශණ
  • ජෙෆ්රි වැන්ඩර්සේ
  • අසිත ප්‍රනාන්දු
  • ලහිරු කුමාර
  • මොහොමඩ් සිරාස්
  • එශාන් මාලිංග

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button