ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නම්කරයි.. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නම්කරයි..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය පෙබරවාරි 13 සහ 15 ස් වන දින කොළබ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට ක්‍රීඩාකරන ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නිළවශයෙන් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රෙලියාව 16 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයක් නම්කර ඇති අතර කණ්ඩායමේ නායකත්වය නිළවශයෙන් නම්කර නෑ. නිත්‍ය නායක පැට් කමින්ස්ට ආබාධයක් හේතුවෙන් මෙම තරඟාවලිය සහ චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අහිමිවීම හේතුවෙන් බොහෝදුරට ස්‍ටීවන් ස්මිත් විසින් ඕස්‍ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමට වැඩි ඉඩක් පවතිනවා.

ආබාධ හේතුවෙන් ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම චැම්පියන්ස් කුසලානය මෙන්ම මෙම තරඟාවලියද අහිමිවන අතර නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ ඕස්ට්‍රේලියා එක්දින සංචිතය මෙන්න.

  • Travis Head
  • Matt Short
  • Steve Smith
  • Marnus Labuschagne
  • Josh Inglis
  • Alex Carey
  • Aaron Hardie
  • Glenn Maxwell
  • Cooper Connonlly
  • Sean Abbott
  • Ben Dwarshuis
  • Jake Fraser-McGurk
  • Mitchell Starc
  • Nathan Ellis
  • Spencer Johnson
  • Tanveer Sangha

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button