ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිස්ට ජයක්.. -
News

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිස්ට ජයක්..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (12) පැවැත්වුණු අතර ලකුණු 49 ක විශිස්ට ජයක් වාර්තා කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 214 ක් වාර්තා කළ අතර අනෙකුත් පිතිකරුවන් අසාර්ථක වූ මොහොතක සටන්කාමී ඉනිමක් දියත්කරමින් සිය සිව්වන එක්දින ජාත්‍යන්තර ශතකයද සමඟින් පන්දු 126 කදී ලකුණු 127 ක් රැස්කිරීමට නායක චරිත් අසලංක සමත්වුණා.

චරිත් අසලංක දියත්කළ මෙම විශිස්ට ඉනිම වාර්තා අතරට එක්වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා නායකයෙකු රැස්කළ හොඳම පෞද්ගලික ඉනිම ලෙසයි. අසලංක බිඳදැමුවේ 2003 වසරේ නායකයෙකු ලෙස ඕස්ටේලියාවට එරෙහිව ලකුණු 122 ක් රැස්කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවයි.

ලකුණු 215 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්ටේලියාවට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 165 ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිස්ට පන්දුයැවීමක නිරත වූ මහීශ් තීක්ශණ ලකුණු 40 කට කඩුලු 04 ක් බිඳදැමූ අතර අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු දෙක බැඟින් බෙදීගියා.

දෙරට අතර දෙවන එක්දින තරඟය එළඹෙන 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button