චැම්පියන්ස් කුසලානයේදී ඕස්ටේලියා කණ්ඩායමට අහිමිවන ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට..

2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතයට නම්කර තිබුණු ප්‍රභලම ක්‍රීඩකයින් පස්දෙනෙකුට තරඟාවලිය අහිමි වී තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම විශාල අර්බුධයකට මුහුණ පා තිබෙනවා.
නිත්‍ය නායක පැට් කමින්ස්, වේගපන්දු යවන ක්‍රීඩක ජෝශ් හේශල්වුඩ් සහ මිචෙල් මාර්ශ්ට ආබාධ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණු අතර හදිසියේම ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන් මාර්කස් ස්ටොයිනිස්ගේ සේවයද ඕස්ටේලියාවට අහිමිවුණා.
මෙවන් අර්බුධකාරී පසුබිමක ඕස්ටේලියා සංචිතයේ ඉතිරිව සිටි එකම ප්‍රභල පන්දුයවන්නා වන මිචෙල් ස්‍ට්‍රාක්ද පෞද්ගලික හේතුවක් මත තරඟාවලියෙන් ඉවත්වී තිබෙනවා. ඒ අනුව චැම්පියන්ස් කුසලානයට නම්කළ ඕස්ටේලියා සංචිතයෙන් ඉවත්වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 05 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තරඟාවලිය අහිමිවන ක්‍රීඩකයින්ට ආදේශක ලෙස Jake Fraser-Mcgurk, Sean Abbott, Spencer Johnson, Ben Dwarshuis, Tanveer Sangha යන ක්‍රීඩයින් චැම්පියන්ස් කුසලාන සංචිතයට නම්කර තිබෙනවා.