ශූරයින්ගේ කුසලානයේදී ජයග්‍රහයකින් සඳහා ලැබෙන මුදල් ප්‍රමාණයන් මෙන්න -
News

ශූරයින්ගේ කුසලානයේදී ජයග්‍රහයකින් සඳහා ලැබෙන මුදල් ප්‍රමාණයන් මෙන්න

පෙබරවාරි මස 19 වන දින සිට මාර්තු 9 වෙනි දා දක්වා පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානය තරඟාවලියේ ජයග්‍රහයකින් සඳහා ලැබෙන මුදල් ත්‍යාග නිවේදනය කර තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගි වන අතර, ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් පිරිනැමෙනවා.

අනුශූරතාවය දිනාගන්නා කණ්ඩාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.12ක් ද, අවසන් පූර්ව වටයේ පරාජය වන කණ්ඩායම් දෙක සඳහා ඇමරිකානු ඩොලර් 560,000 බැඟින් පිරිනැමෙනවා.

මූලික වටයේ ලබන සෑම තරඟ ජයග්‍රහණයක් සඳහා ඇමරිකානු ඩොලර් 34000ක් ලබාදෙන අතර, ප්‍රසාද ලකුණු සටහනේ 5 වන හා 6 වන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් 350,000 බැඟින් හිමිවනවා.

තවද, ප්‍රසාද ලකුණු සටහනේ 7 වන හා අවසන් ස්ථානය දිනාගන්නා කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් 140,000 බැඟින් ලබාදෙන අතර, තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ සෑම කණ්ඩායමක් සඳහා ඇමරිකානු ඩොලර් 125,000 බැඟින් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත්, 2023 ලෝක කුසලානයේදී ලැබූ අමිහිරි පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙවර ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකිවුණා. ඒ හේතුවෙන් මෙම තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් 0 කි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button