News
ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි.
![](https://slcricketlions.com/wp-content/uploads/2025/02/Picsart_25-02-15_16-02-26-451-780x470.jpg)
කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, ජැක් කලිස් සහ බ්‍රයන් ලාරා නායකත්වය දරන කණ්ඩායම් 06 ක් තරඟ වදින ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය පෙබරවාරි 22 වනදා සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ මුම්බායි, රාජ්කෝට් සහ රායිපූර්හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා. ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම, කුමාර් සංගක්කාර විසින් මෙහෙයවන අතර මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ප්‍රභල ක්‍රීඩකයින් රැසකගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විතයි.
ඉන්ටර්නැශනල් මාස්ටර්ස් ලීග් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
- කුමාර් සංගක්කාර ( C )
- රොමේශ් කළුවිතාරණ
- අශාන් ප්‍රියංජන්
- උපුල් තරංග
- නුවන් ප්‍රදීප්
- ලහිරු තිරිමාන්න
- චින්තක ජයසිංහ
- සීකුගේ ප්‍රසන්න
- ජීවන් මෙන්ඩිස්
- ඉසුරු උදාන
- ධම්මික ප්‍රසාද්
- සුරංග ලක්මාල්
- දිල්රුවන් පෙරේරා
- අසේල ගුණරත්න
- චතුරංග ද සිල්වා