ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා, ඉන්දීය සංචිත නිවේදනය කරයි. -
News

ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා, ඉන්දීය සංචිත නිවේදනය කරයි.

කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, ජැක් කලිස් සහ බ්‍රයන් ලාරා නායකත්වය දරන කණ්ඩායම් 06 ක් තරඟ වදින ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය පෙබරවාරි 22 වනදා සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ මුම්බායි, රාජ්කෝට් සහ රායිපූර්හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන ඕස්ටේලියා සහ ඉන්දීය සංචිතය නිවේදනය කර තිබෙනවා. ඕස්ට්‍රේලියා මාස්ටර්ස් කණ්ඩායම ශේන් වොට්සන් විසින් මෙහෙයවන අතර ශෝන් මාර්ශ්, ඩෑන් ක්‍රිස්තියන්, බෙන් කටින් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත්ව සිටිනවා. ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සචින් තෙන්දුල්කාර් විසින් මෙහෙයවන අතර යුවරාජ් සිං, සුරේශ් රයිනා, අම්බති රයදු ප්‍රමුඛ විශිස්ට ක්‍රීඩකයින් රැසකගෙන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායමටද සමන්විත වෙනවා.

ඉන්ටර්නැශනල් මාස්ටර්ස් ලීග් තරඟාවලියට එක්වන ඉන්දීය සහ ඕස්ටේලියා සංචිත මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button