ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා, කොදෙව් සංචිත නිවේදනය කරයි. -
News

ඉන්ටර්නැශනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා, කොදෙව් සංචිත නිවේදනය කරයි.

කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, ජැක් කලිස් සහ බ්‍රයන් ලාරා නායකත්වය දරන කණ්ඩායම් 06 ක් තරඟ වදින ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය පෙබරවාරි 22 වනදා සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ මුම්බායි, රාජ්කෝට් සහ රායිපූර්හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නිවේදනය කර තිබෙනවා. දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම ජැක් කාලිස් විසින් මෙහෙයවන අතර හශීම් අම්ලා, මකායා නිටිනි, ජොන්ටි රෝඩ්ස් වැනි විශිස්ට ක්‍රීඩකයින් රැසක් සංචිතයට ඇතුළත්ව සිටිනවා. බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවන අතර ක්‍රිස් ගේල්, ලෙන්ඩිල් සිමන්ස්, රවී රාම්පෝල් ප්‍රමුඛ ප්‍රභල ක්‍රීඩකයින් රැසකගෙන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමද සමන්විත වෙනවා.

ඉන්ටර්නැශනල් මාස්ටර්ස් ලීග් තරඟාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකා සංචිත මෙන්න.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

  • BRIAN LARA (C)
  • CHRIS GAYLE
  • DWAYNE SMITH
  • LENDL SIMMONS
  • DENESH RAMDIN
  • CHADWICK WALTON
  • ASHLEY NURSE
  • NARSINGH DEONARINE
  • SULEIMAN BENN
  • FIDEL EDWARDS
  • RAVI RAMPAUL
  • TINO BEST
  • JEROME TAYLOR
  • KIRK EDWARDS
  • WILLIAM PERKINS

දකුණු අප්‍රිකා සංචිතය

  • JACQUES KALLIS (C)
  • ALVIRO PETERSEN
  • HASHIM AMLA
  • JACQUES RUDOLPH
  • JONTY RHODES
  • MORNE VAN WYK
  • FARHAAN BEHARDIEN
  • HENRY DAVIDS
  • THANDI TSHABALALA
  • VERNON PHILANDER
  • EDDIE LEIE
  • DANE VILAS
  • GARNETT KRUGER
  • MAKHAYA NTINI

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button