හිටපු ශ්‍රී ලංකා නායකයාට ඇ.ඩො. 10,000 ක දඩයක්..

පසුගිය පෙබරවාරි 02 වනදා SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකළ පළමුපෙළ තරඟය නිමාවීමට පෙර ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු හමුවන බව කණ්ඩායමේ කළමණාකාරීත්වය වෙත දැනුම්දෙමින් ඉන්ටර්නැශනල් ලීග් තරඟාවලියේ තරඟයක් ක්‍රීඩාකීරීම සඳහා ඩුබායි වෙත පියාසර කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට චෝදනා එල්ලවුණා.
මෙම චෝදනා සම්බණ්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ශණයක් සිදුකළ අතර දේශීය ලීග් තරඟයක් සම්පුර්ණ කිරීමට අපොහොසත් වෙමින් ඩුබායිහි පැවති විදෙස් ෆ්‍රැන්චයිස් ලීග් තරඟයකට සහභාගී වීමෙන් ගිවිසුමේ වගන්ති කඩ කර ඇති බවට දසුන් ශානක, වරදකරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකට ඇමෙරිකානු ඩොලර්. 10,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දසුන් ශානක ලිඛිත ප්‍රතිචාරයක් සමඟින් සමාව ගෙන ඇති නමුත්, ඔහුගේ මෙම ක්‍රියාවන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් කඩ වීමක් සිදුවී ඇති බැවින්, 2025 පෙබරවාරි 28 හෝ ඊට පෙර දඩය පියවන ලෙස දසුන් ශානකට උපදෙස් දී තිබෙනවා. තවද, ඊට අනුකූල වීමට අපොහොසත් වුවහොත් තවදුරටත් විනය ක්‍රියාමාර්ග ගත හැකි බවට ද දැනුම් දී තිබෙනවා.