ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායමට තියුණු ජයක්..

( වීඩියෝව පහතින් ) 2025 ඉන්ටර්නැශනල් මාස්ටර්ස් ලීග් තරඟාවලියේ පළමු තරඟය ඊයේ (22) පැවැත්වුණු අතර ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 04 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 කට ලකුණු 222 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම වෙනුවෙන් ස්ටුවර්ට් බිනී සහ යුසුෆ් පතාන් අර්ධ ශතක වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 218 කට සීමාවුණා. ශ්‍රී ලංකා මාස්ටර්ස් ඉනිම වෙනුවෙන් නායක කුමාර් සංගක්කාර අර්ධ ශතකයක් වාර්තා කළා.
ශ්‍රී ලංකා මාස්ටර්ස් ඉනිමේ ලහිරු තිරිමාන්නගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන් හයේ සීමාව අසළදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට 43 හැවිරිදි යුව්රාජ් සිං සමත්වූ අතර එය බොහෝදෙනාගේ අවධානය දිනාගත්තා.
යුව්රාජ් සිංගේ අනර්ඝ උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )
𝗛𝗶𝗴𝗵-𝗳𝗹𝘆𝗶𝗻𝗴 ✈️ action ft. 𝗬𝘂𝘃𝗿𝗮𝗷 𝗦𝗶𝗻𝗴𝗵! 🔥
— INTERNATIONAL MASTERS LEAGUE (@imlt20official) February 22, 2025
Catch all the action LIVE, only on @JioHotstar, @Colors_Cineplex & @CCSuperhits 📲 📺#IMLT20 #TheBaapsOfCricket #IMLonJioHotstar #IMLonCineplex pic.twitter.com/mN2xBvotF2