News
		
	
	
2025 ආසියා කුසලානයත් ශ්‍රී ලංකාවේදී…?

මෙම වසරේ ආසියා කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස දෙවන සතියේ සිට 4 වන සතිය දක්වා පැවැත්වෙන නියමිත බව cricinfo වෙබ්අඩවිය සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව , ඉන්දියාව , පකිස්තානය , බංගලිදේශය හා ඇෆ්ගනිස්තානයට අමතර හොංකොං , ඕමාන් , එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරන බවට සඳහන් වන අතර, තරඟාවලිය සඳහා තරඟ 19ක් ඇතුළත් වෙනවා.
මෙවර තරගාවලිය විස්සයි විස්ස තරඟ රටාවෙන් පැවැත්වෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේ දී තරඟාවලිය පැවැත්වෙන බවටයි cricinfo වෙබ්අඩවියට සඳහන් කර ඇත්තේ.
පලමු වටයේදී Group A හා Group B වශ්‍යයෙන් කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කරන අතර, ඉන්දියාව හා පකිස්තානය, A කණ්ඩායමේත්, ශ්‍රී ලංකාව, බංගලිදේශය හා ඇෆ්ගනිස්තාන B කණ්ඩායමටත් ඇතුළත් වෙනවා.
				
					
