අවසන් මහා තරඟයෙන් පසු, රෝහිට් ශර්මාගේ ක්‍රිකට් අනාගතය ගැන තීරණයක්. -
News

අවසන් මහා තරඟයෙන් පසු, රෝහිට් ශර්මාගේ ක්‍රිකට් අනාගතය ගැන තීරණයක්.

නවසීලන්තය සමඟින් පැවැත්වෙන, මෙවර චැම්පියන්ස් ට්‍රෝෆී තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලැබෙන තීරණය අනුව, ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔහු සූදානම් බව ඉන්දීය වාර්ථාවක් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, අවසන් මහා තරඟය පරාජයට පත්වූවහොත්, ඉන්දීය වත්මන් නායක රෝහිට් ශර්මා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට වැඩි ඉඩක් පවතින බවටයි සඳහන් වන්නේ.

අවසන් මහා තරඟය ජයග්‍රහණය කළහොත්, තමන් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු වශයෙන් දිගටම ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවටයි තව දුරටත් එම සටහනේ සඳහන් වන්නේ.

එහිදී ඔහු නායකත්වයෙන් ඉවත්ව එම වගකීම හර්දික් පාන්ඩ්‍යා හෝ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් වෙත පැවරීමට ද සූද‍ානමක් පවතින බවයි වාර්තා වන්නේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button