News
චැම්පියන්ස් ට්‍රෝෆී අවසන් මහා තරඟයට ශ්‍රී ලාංකිකයින් තිදෙන

පෙබරවාරි 19 වන දා ආරම්භ වුන, 2025 ශූරයින්ගේ කුසලානය තරඟාවලියෙ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල ඉන්දියා කණ්ඩායම හා නවසීලන්තය කණ්ඩායම සමත්වුණා.
තරඟාවලිය කණ්ඩායම් 8කින් යුක්තව පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව 2023 වසරේ ලෝක කුසලානයේදී ලද පරාජයන් හේතුවෙන් මෙවර තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවුණා.
කෙසේ නමුත්, මෙම තරඟාවලියේ මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සහභාගි වනවා.
එනම්,
- තරඟ තීරකයා – රංජන් මඩුගල්ලේ
- තුන්වන විනිසුරුවරයා – කුමාර් දර්මසේන
- නවසීලන්තය කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු – රංගන හේරත්.
