News
එංගලන්ත කණ්ඩායමේ නව නායකයා නිවේදනය කරයි..

නිමාවූ 2025 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී මූලික වටයෙන්ම එංගලන්ත කණ්ඩායමට ඉවත්වීමට සිදුවීමත් සමඟින් එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ජෝස් බට්ලර්, නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා අද නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ නව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස 26 හැවිරිදි සුපිරි පිතිකරු හැරී බෲක් ව නම්කර තිබෙනවා.