News
පැතුම් නිස්සංක IPL තරඟාවලියට.

මේ වන විට පැවැත්වෙන 18 වන IPL තරඟාවලියට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවට වාර්තාවෙනවා.
පැතුම් නිස්සංක සමඟින් ඉන්දියාව බලා යාමේදී ගත් ඡායාරූපයක්, ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවෙක් වන Asanka Wijewardena ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබෙනවා.

ඔවුන් සමඟ මෙම ගමනට සහභාගී වන දත්ත විශ්ලේෂකයෙකු වන Prad Navaratnam තම X ගිණුමේ පලකර ඇත්තේ, පැතුම් නිස්සංක IPL සමඟින් එක්වීමට නියමිත බවයි.

කෙසේ නමුත්, පැතුම් නිස්සංකව ලබාගත් කණ්ඩායම කුමක්ද යන්න තවමත් කිසිඳු සටහනක් එක්කර නොමැත.