මෙරට 07 වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මූලික වැඩකටයුතු ඇරඹේ.. -
News

මෙරට 07 වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මූලික වැඩකටයුතු ඇරඹේ..

උතුරු පළාතට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ උත්සාහයේ මූලික අදියරක් ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද දින (10) යාපනයේ සංචාරයක නිරත වුණා.

එහිදී යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා හඳුනාගෙන ඇති යාපනයේ මණ්ඩතිව් හි ස්ථාන නිරීක්ෂණයකට ඔවුන් එක්වුණු අතර උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් සාකච්ඡා කිරීමටද ඔවුන් කටයුතු කර තිබුණා.

ඉන්දීය අගාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා පසුගියදා 1996 ක්‍රිකට් ශූරයින් හමුවූ අවස්තාවේද සනත් ජයසූරිය මහතා මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා මූල්‍යමය සහය ලබාදෙන ලෙස ඉල්ලීමක්ද සිදුකළ අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාරද ලැබී තිබුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button