M.S දෝණී නැවතත් චෙන්නායි නායකත්වයට. -
Uncategorized

M.S දෝණී නැවතත් චෙන්නායි නායකත්වයට.

මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ රුටුරාජ් ගයික්වාඩ් ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් නැවත වරම් චෙන්නායි කණ්ඩායමේ නායකත්වය MS දෝණි වෙත ලබාදී තිබෙනවා.

මේ වන විට වයස අවුරුදු 43ක් වන මහේන්ද්‍ර සිං දෝණි 2008 වසරේ සිට 2023 දක්වා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, 2024 වසරේ දී චෙන්නායි සුපර් කින්ග්ස් නායකත්වය රුටුරාජ් ගයික්වාඩ් හට හිමිවුණා.

2022 වසරේ ආරම්භයේදී රවීන්ද්‍ර ජඩේජා නායකත්වය දැරූ නමුත්, ආරම්භයේදීම චෙන්නායි කණ්ඩායම තරඟ පරාජය වීම හේතුවෙන් නැවතත් MS දෝණි හට නායකත්වය ලබාදුන්නා.

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අවස්ථා 5කදී IPL ශූරතාවය දිනාගෙන තිබීම ද විශේෂත්වයක්. (2010, 2011, 2018, 2021, 2023)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button