2025 පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය නැරඹිය හැකි ආකාර මෙන්න..

2025 පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය අප්‍රේල් 11 ස් වනදා සිට මැයි 18 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ද මෙවර තරඟාවලියට ක්‍රීඩාකරනවා. තරඟාවලියේ පළමු තරඟය අද (11) අද රාත්‍රී 09 ට Islamabad United සහ Lahore Qualandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට Sony Sports නාලිකා ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර Dialog TV සහ Peo TV පාරිභෝගිකයන්ට Sony Sports 1 නාලිකාව ඔස්සෙ මුලු තරඟාවලියම සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා. Sony Sports 5 HD, Ten Cricket නාලිකා ඔස්සේද තරඟාවලිය නැරඹිය හැකි වන නමුත් එම නාලිකා ඔස්සේ සම්පුර්ණ තරඟාවලියම විකාශන නොවේ.
ඩිජිටල් මාධ්‍ය ඔස්සේද තරඟාවලිය Dialog VIU App ඔස්සේ නැරඹිය හැකි අතර The Papare වෙබ් අඩවිය හරහාද තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.