ඔලිම්පික් ක්‍රිකට් සඳහා කණ්ඩායම් 06 ක්..

2028 ඔලිම්පික් තරඟාවලිය සඳහා වසර 128 කට පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ අතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔලිම්පික් තරඟාවලියට සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ කණ්ඩායම් 06 කට පමණයි. 2028 ඔලිම්පික් තරඟාවලියේ සංවිධායකින් ලෙස ඇමෙරිකාව කටයුතු කරන බැවින් ඔවුන්ටත් එක් ස්‍තානයක් ලබාදිය යුතු බවට මේවනවිට කතාබහක් ඇතිවී තිබෙනවා.
කෙසසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ තේරීම් සඳහා අදාළ දිනය වනවිට පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් වලට ඔලිම්පික් වරම් හිමිවන බවයි. ඇමෙරිකාවටත් අවස්තාවක් හිමිවුවහොත් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්තාන 05 ද එසේ නොමැතිනම් මුල් ස්තාන 06 හි පසුවන කණ්ඩායම් ඔලිම්පික් තරඟාවලියට එක්වීමට නියමිතයි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්තානයේ පසුවන අතර ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලැබීමට නම් තේරීම් සඳහා දිනය වන විට ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්තාන 06 අතරට එක්වීම අනිවාර්ය වෙනවා. ශ්‍රේණිගත කිරීම්වල පසුපසින් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට නිමාවූ චැම්පියන්ස් කුසලාන තරඟාවලියටද සුදුසුකම් ලැබීමට නොහැකිවුණා