News
විරේන්ද්‍ර ශෙවාග් මැක්ස්වෙල්ට දෙහි කපයි..

මේ දිනවල ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරඟාවලිය පැවැත්වෙන අතර මෙවර තරඟාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩාකරන ග්ලේන් මැක්ස්වෙල්ට මෙවර තරඟාවලියේ සාර්ථක වීමට මෙතෙක් හැකියාව නොලැබුණු අතර පසුගිය වසර කිහිපයේදීද මැක්ස්වෙල්ට එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නෑ.
මේ පිළිබඳව හිටපු ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන විරේන්ද්‍ර ශෙවාග් මැක්ස්වෙල්ව දැඩිව විවේචනය කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර තිබෙන්නෙ “මැක්ස්වෙල් තරඟාවලිය වෙනුවෙන් කැපවීමක් නොමැති බවත් 2025 IPL තරඟාවලිය වෘත්තිය ක්‍රිකට් තරඟාවලියකට වඩා නිවාඩුවක් ලෙස සලකන බවටත් ” ශේවාග් චෝදනා කර තිබෙනවා.