ශ්‍රී ලංකා, ඉන්දියා, දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින තරඟාවලිය නැරඹිය හැකි ආකාර.. -
News

ශ්‍රී ලංකා, ඉන්දියා, දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින තරඟාවලිය නැරඹිය හැකි ආකාර..

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ඉන්දීය කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර තුන්කොන් එක්දින තරඟාවලිය අප්‍රේල් 27 වනදා සිට මැයි 11 ස් වනදා දක්වා කොළඹ R ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර එළඹෙන අප්‍රේල් 27 ත් වනදා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට අදාළ සියලුම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00 ට ආරම්භ වනවා.

තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට Dialog TV ThePapare 2 ( Ch no.63 ) ඔස්සේ සජීවීව නැරඹිය හැකි අතර Dialog VIU App එක හරහාද තරඟාවලිය නැරඹිමට හැකියාව පවතිනවා. මීට අමතරව ThePapare.com වෙබ් අඩවිය හරහාද Subscription ගාස්තුවක් ගෙවා තරඟාවලිය නැරඹිය හැකියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button