ඊයේ රැස්කළ සුපිරි ශතකයත් සමඟින් සූර්යවංශි අලුත්කළ වාර්තා.. -
News

ඊයේ රැස්කළ සුපිරි ශතකයත් සමඟින් සූර්යවංශි අලුත්කළ වාර්තා..

මෙවර IPL තරඟාවලියේ 48 වන තරඟය ලෙසින් පැවැති ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම අතර තරඟයේදී රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත්කරමින් වාර්තාගත ශතකයක් වාර්තා කිරීමට 14 හැවිරිදි විභ්‍රාව් සූර්යවංශි සමත්වුණා.

පන්දු 38 ක් තුළ හතරේ පහර 07 ක් සහ හයේ පහර 11 ක් සමඟින් ලකුණු 101 ක් රැස්කළ ඔහුට ශතකය සම්පුර්ණ කිරීම සඳහා වැයවුණේ පන්දු 35 ක් පමණයි. මෙම ශතකයත් සමඟින් IPL වාර්තා ඇතුළු වාර්තා රැසක් අලුත් කිරීමට ඔහු සමත්වුණා.

ඔහු අලුත්කළ වාර්තා සියල්ල මෙන්න.

  • ප්‍රධාන පෙළේ විස්සයි විස්ස තරඟාවලියක ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා
  • IPL ඉතිහාසයේ වාර්තා වූ දෙවන වේගවත්ම ශතකයේ හිමිකරුවා
  • IPL ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙක් වාර්තාකළ වේගවත්ම ශතකයේ හිමිකරුවා
  • IPL ශතකයක් වාර්තාකළ ලාබාලතම ක්‍රීඩකයා සහ IPL තරඟයේ වීරයා සම්මානයක් හිමිකරගත් ලාබාලතම ක්‍රීඩකයා
  • IPL ඉනිමකදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ලකළ ඉන්දීය ක්‍රීඩකයා. ( 11 Sixes )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button