මතීශගේ පන්දුයැවීමේ ගැටලුවක් තියෙනවා.. – ස්ටෙෆාන් ෆ්ලෙමිං -
News

මතීශගේ පන්දුයැවීමේ ගැටලුවක් තියෙනවා.. – ස්ටෙෆාන් ෆ්ලෙමිං

මේදිනවල පැවැත්වෙන IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීශ පතිරණ ක්‍රීඩාකරන අතර මෙවර තරඟාවලියේදී සුපුරුදු දක්ශතා අතරට පැමිණීමට මෙතෙක් ඔහුට නොහැකිවුණා.

මේ පිළිබඳව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්ටෙෆාන් ෆ්ලෙමිං අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ නිමාවූ දකුණු අප්‍රිකා SAT20 ලීග් තරඟාවලියේ සිට මතීශගේ පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණු බවයි.

දකුණු අප්‍රිකා SA20 තරඟාවලියේ ඔහු ඔහුගේ සුපුරුදු ඉරියව්වෙන් දුරස් වුණා. ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්.. ඔහුට ලැබුණු හොඳම අවස්තාව IPL තරඟාවලිය හොඳින් ක්‍රීඩාකිරීමට සහ ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාවට නැවත ගෙන ඒමට අපි උත්සහා කරනවා..

යනුවෙන් ස්ටීවන් ෆ්ලෙමිං අදහස් දක්වා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button