ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළට.. -
News

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළට..

අන්‍තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරතිබෙන අතර ශ්‍රේණිගත කිරීම්වල කැපිපෙනෙන ලෙසින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට 06 වෙනි ස්තානය හිමිවී ඇති අතර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල කැපීපෙනෙන ලෙසින් ස්තාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 04 වන ස්තානය වාර්තාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ශ්‍රී ලංකාව ගෙවීගිය අවසන් වසර පහතුළ වාර්තාකළ ඉහළම එක්දින ශ්‍රේණිගත කිරීමද මෙය වනවා. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල එක් ස්තානයකින් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම 07 වන ස්තානයේ පසුවෙනවා.

🇱🇰 latest position in ICC Men’s Rankings:

  • Test – 6th
  • ODI – 4th ↑2
  • T20I – 7th ↑1

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button