ක්‍රීඩාවේ ප්‍රමුඛයා CSN යළිත් විකාශණ ඇරඹීමට සූදානමින්..

2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමත් සමඟින් විකාශණ කොන්දේසි උල්ලංඝනය කළ බවට චෝදනා එල්ලකරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විකාශණ බලපත්‍ර අවලංගු කළ Carlton Sport Network හෙවත් CSN නාලිකාව වසර 09 කට පසුව නැවතත් විකාශන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව එහි ප්‍රධාන විධායක රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේවනවිටත් සිදුකරමින් පවතින බව එහිදී සඳහන් කර තිබෙනවා.
2016 වසරේදී එවකට පැවති යහපාලන රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේඛම්වරයා විසින් CSN විකාශණ බලපත්‍ර අහෝසිකළ අතර ඊට එරෙහිව එම නාලිකාව විසින් ගොනුකළ රීට් පෙත්සමක් පසුගිය 2025 මැයි 26 දා අභියාචනාධිකරණයේදී සමථයකට පත්වුණා. ඒ අනුව 2016.10.23 වන දින විට එම නාලිකාවට ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබාදීමට එකඟ වී තිබෙනවා.
2011 වසරේදී CSN නාලිකාව මුල්වරට විකාශන ආරම්භ කළ අතර ඉතාමත් කෙටිකාලයක් තුළ ක්‍රීඩාවේ ප්‍රමුඛයා බවට පත්වීමට එම නාලිකාවට හැකිවුණා. මේවනවිටත් CSN නාලිකාව පරීක්ශණ විකාශණ ආරම්භ වී ඇති අතර පහත සංඛ්‍යාත ඔස්සෙ CSN නාලිකාව ඇරඹීමට හැකියාව පවතිනවා.
- 🗼කොළඹ – UHF 22
- 🗼හුන්නස්ගිරිය – UHF 41
- 🗼ගොන්ගල – UHF 28
- 🗼කරගහතැන්න – UHF 32
- 🗼නායබැද්ද – UHF 30
- 🗼බදුල්ල – UHF 51
- 🗼පිදුරුතලාගල – UHF 47
- 🗼කොකාවිල් – UHF 29
- 🗼යාපනය – UHF 30