ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු IPL ප්ලේඕෆ්ස් සටනින් ඉවතට.. -
News

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු IPL ප්ලේඕෆ්ස් සටනින් ඉවතට..

මෙවර IPL තරඟාවලියේ තරඟ 55 ක් අවසානයේදී තරඟාවලියේ ප්‍රධානම කණ්ඩායම් 03 ක ටම ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට තිබෙන අවස්තාව අහිමිවී තිබෙනවා. ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරඟය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟින් පසුගිය වර අනුශූරතාවය දිනාගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට තරඟාවලියේ ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට තිබූ අවස්තාව අහිමිව ගියා.

මේවනවිට රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ප්ලේඕෆ්ස් වටයට පිවිසීමට අවස්තාව අහිමිව තිබෙන අතර එම කණ්ඩායම් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටත් ප්ලේඕෆ්ස් වටයේ තරඟ අහිමිවෙනවා.

ඒ අනුව රාජස්තාන් රෝය්ල්ස් කණ්ඩායම නියෝජනය කරන මහීශ් තීක්ශණ සහ වනිඳු හසරංගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මතීශ පතිරණත් මෙවර IPL තරඟාවලියේ මූලික වටය අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button