ඉන්දු පාකිස්තාන ගැටුම් මැද PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යට.. IPL ගැනත් තීරණයක්.. -
News

ඉන්දු පාකිස්තාන ගැටුම් මැද PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යට.. IPL ගැනත් තීරණයක්..

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟින් ඇරඹුණු ඉන්දීය – පාකිස්තාන අර්බුධය මේවනවිට යුධ ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ හේතුවෙන් දෙරටේ ප්‍රධානම ක්‍රිකට් ලීග් තරඟාවලි ද්විත්වය වන ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරඟාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය සිය රටවල් තුළ පවාත්ගෙන යාම අසීරු තත්වයකට උදාවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ පේශ්වාර් සහ කරච්චි කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය අසළට ඉන්දීය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් එම තරඟය හදිස්සියේ අවලංගු කළ අතර පසුව PSL තරඟාවලියේ ඉතිරි කොටස එක්සත් ආරාබී එමීර් රාජ්‍ය තුළ ක්‍රීඩාකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අතර ඊයේ පැවති පංජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරඟයද අතරමැද නවතා දැමීමට IPL සංවිධාකයින්ට සිදුවුණා. India Today වෙබ් අඩවිය වාර්තා කරන්නේ “පාකිස්තානයෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ලැබුණු තොරතුරක් මත මෙසේ තරඟය අතරමැදදී නවතා දැමීමට කටයුතු කර ඇති බවයි. තරඟය නැවැත්වීමට මොහොතකට පෙර ක්‍රීඩාංගනයේ විදුලි ආලෝකයද බිඳ වැටී තිබුණු අතර පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි ක්‍රීඩකයින් ධර්මශාලාවෙන් ඉවත් කිරීමට BCCI විශේෂ දුම්රියක් සුදානම් කර තිබුණා.

ආරාක්ශක හේතූන් මත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසාන කොටස ඉන්දියාව තුළ පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අද (09) BCCI විසින් තීරණය කිරීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button